කොරියාවේ රැකියාව කර පැමිණි අසල්වාසී පුද්ගලයෙකුගෙන් ලක්ෂ 23 ක් වටිනා කුණු ප්‍රතිචක්‍රීය යන්ත්‍රයක් මිලදී ගෙන ඒ සඳහා මුදල් නොගෙවා මුදල් ඉල්ලු පසු නිවසට ඇදගෙන විත් පොලූවලින් පහර දී දෙපා කපා දැමූ තිහගොඩ ප්‍රාදේශීය සභාවේ මරාණ්ඩුවේ මැර සභාපති නිර්මාල් සමරසිංහ මෙතෙක් අත් අඩංගුවට නැතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.
ප්‍රහාරයට ලක් වූයේ විෙජ්සිංහ මුහන්දිරම්ගේ සිසිර සම්පත් නමැති 30 හැවිරිදි එක් දරු පියෙකි. මෙය සිදුවූයේ පසුගිය 22 දා බ්‍රහස්පතින්දා රාත්‍රියේ ය.
මුදල් අද දෙන්නම් හෙට දෙන්නම් කියමින් මාස 6 ක් තිස්සේ රවටා ඇති සභාපති වරයා මෙම යන්ත්‍රය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවෙන්ද ලක්ෂ 6 ක් මේ වන විටත් අත්තිකාරම් ලෙස ලබාගෙන ඇති නමුත් ශත 05 ක් හෝ යන්ත්‍රයේ විකිණුම් කරුවා වූ සිසිර සම්පත්ට ලබා දී නැත. එම මුදල් සභාපති විසින් වංචා කර තිබේ. සිසිර කොරියාවේ සිටියදී හැඳුනුම් කම් හදා ගැනීම නිසා යන්ත්‍රය ණයට ලබාගත් නිෂ්පාදිත කොරියානු සමාගමේ පිරිසක්ද මේ වන විට ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් තම මුදල් ඉල්ලා සිටී. මුදල් ගෙවන්නැයි ප්‍රා.සභා සභාපතිගෙන් යළි යළිත් ඉල්ලු විට සිසිර තම නිවසට කැඳවීමෙන් පසු සභාපතිවරයාම සිසිර සම්පත්ගේ හිසට පොල්ලකින් පහර දී ඇත. පොලූ පහරින් බිම ඇද වැටුණු සිසිරට සභාපති නිවසේ සිටි 12 දෙනෙකු පමණ ඉතා අමානුෂික අන්දමින් පහර දී ඇත. ඔහුගේ ඇඟ පුරා පහර දීමෙන් නිල්පැහැ ගැන්වී ඇති අතර දෙකකුල් තියුණු ආයුධයකින් කපා දමා ඇත.
සිසිර සම්පත් මාතර රෝහලට ඇතුලත් කළද මැර සභාපති සමරසිංහගේ සහ ඔහුට දේශපාලන රැකවරණය සලසන ඇමැති ඩලස් අලහප්පෙරුමගේ ද ප්‍රදේශයේ පොලිස් බලවතා වන කුප්‍රකට බත් බැලයෙක් වූ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ ද බලපෑම් මත මාතර රෝහලෙන් නිසි ප්‍රතිකාර නොදී ටිකට් කපා පිටත්කර තිබේ. මෙම තුච්ඡ ක්‍රියාව සිදුකර ඇති වෛද්‍ය වරයා ගමගේ නමැති දුර්ජනයෙක් බව දැන ගන්නට ඇත. අඩුම ගණනේ හිසට එල්ල වූ ප්‍රහාරය නිසා වමනය දමන රෝගියාගේ එක්ස්රේ පරීකෂාවක් හෝ සිදුකර නැත. කකුලේ කැපුම් වලට පවා ඛෙහෙත් දමා නැති අතර මේ වන විට එම තුවාල පැසවා තිබේ.
රෝහලෙන් නිවසට එවූ සිසිර සම්පත් යළි යළිත් වමනය කරන බැවින් අද පෞද්ගලික වෛද්‍යවරයෙකුට පෙන්වා ඇති අතර ඔහු විසින් කරාපිටිය රෝහලට ඇතුලත් වන්නැයි දන්වා තිබේ. ඒ අනුව සිසිර සම්පත් කරාපිටිය රෝහලට අද ඇතුලත් කෙළේය.
පහර දුන් සභාපති නිර්මාල් සමරසිංහ ද එදින බොරුවට රෝහල් ගත වී ඇති අතර මේ වන විට යළි නිවසට පැමිණ සිටී.
ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළද පක්කලි දේශබන්ධු තෙන්නකෝන් විසින් පවසා ඇත්තේ මෙය සමාදාන වන ලෙසයි. රුපියල් ලක්ෂ 23 ක මූල්‍ය වංචාවක් ද සිදුකර ම්ලේච්ඡ ලෙස පහර දී තිබියදී සමාදාන වන්නැයි කීමට කිසිදු නීතිමය අයිතියක් පොලිස් අධිකාරී දේශබන්ධු වෙත නැත. සාමාන්‍ය රුපියල් 50,000 කට වඩා වංචාවක් නම් චූදිතයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතුමය. ඒ නැතත් හිසට පහර දී වමනය යන පුද්ගලයෙකු රෝහල් ගතව සිටියදී සමාදාන වෙන්නැයි කීමට දේශබන්ධුට කිසිදු නීතිමය අයිතියක් නැත.
මැර ප්‍රා. සභාපති වරයා අත් අඩංගුවට නොගත් දේශබන්ධු තෙන්නකෝන් සහ පොලිසිය එහි අනෙක් අන්තයට ගොස් මැර ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබේ.
ප්‍රහාරයට ලක් වූ සිසිර සම්පත් නමැත්තා වත්මන් ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය සුගත් වටගෙදර නම් 'නලා කරුවාගේ' ඥාතියෙකි.







0 comments:
Post a Comment