Tuesday, August 27, 2013

බලූම බලූ වැඩක් වූ 'බලූ මඟුලේ' කපුවා හෙළිවේ



  ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් හදිසියේම පැවැත්වූ බලූ විවාහ මංගල්‍යයේ කපුවා වෙනින් කවුරුත් නොව මහින්ද රාජපක්ෂම බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත හෙළි වී තිබේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස් වරිය නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන දිනයේ මාධ්‍ය විසින් එය ප්‍රධාන පුවත ලෙස වාර්තා කරන බැවින් ඒ වෙනුවට 'බලූ වැඩක්' කරන්නැයි දුන් උපදේශය මත මෙම 'බලූ විවාහ උත්සවය' සංවිධානය කර තිබේ.

පසුගියදා නුවර එළියේ ගොස් එන අතරේදී මහනුවර දී මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙල හමුවූ අවස්ථාවේදී 'පිල්ලේ එන එක වහන්න මොනවා හරි බලූ වැඩක් කළ යුතු' යැයි මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ පවසා ඇති අතර එහිදී සිදුවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස 'බලූ මඟුල' පවත්වා තිබේ. මේ 'බලූ වැඩේ' කර ඇත්තේ පොලිස්පතිවරයාගේද අනුදැනුම මතය. 'බලූ වැඩේට' එරෙහිව සංස්කෘතික ඇමැති පොලිස්පතිවරයාට විරෝධය දැක්වූයේද කලින් සූදානම් කර ගත් පරිදිය.

ඒ අනුව අද දිනයේ රාජ්‍ය මාධ්‍ය සියල්ලේම පාහේ ප්‍රධාන පුවත වූයේ 'බලූ මඟුල' මිස නවනීදන් පිල්ලේගේ පැමිණීම නොවේ.

කෙසේ වෙතත් මෙහි ඇති 'බලූම බලූ වැඩේ' නම් මෙවැනි විප්‍රකාර සඳහා මහජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමයි.

නියෝජ්‍ය පොලිස්පති අඹන්පොල විසින් මුළු මධ්‍යම පළාතේම සිටින සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් මේ සඳහා කැඳවීය. පොලිස් ස්ථාන 21 ක ස්ථානාධිපතිවැන් තම ජීප් රිය 21 කින් එහි පැමිණියහ. පැමිණි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් සංඛ්‍යාව යුද්ධයකට පැමිණියාක් මෙනි. එය ගණනින් 2300 කි. ඔවුන්ට 'බලූ මඟුල' වෙනුවෙන් ගෙවිය යුතු අමතර බටා මුදල පමණක් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් (රු.3,50,000) පමණ වේ.

පැමිණි වාහන සහ යතුරුපැදි වල ඉන්ධන ගාස්තු නොමැතිව බලූ මනාලයන් සහ මනාලියන් හනිමූන් යැවීම වෙනුවෙන් පමණක් ඉන්ධන ගාස්තුව රුපියල් 17,500 කි.

සැරසිලි වෙනුවෙන් රුපියල් 25,000 කි. සංග්‍රහ දීමනා වෙනුවෙන් තවත් දහස් ගණනකි. කෙසේ වෙතත් මුළු වියදම කොතෙක් දැයි මෙතෙක් කිසිවෙක් ගණන් බලා නැත.

මැදමූලන රාජපක්ෂ කපුවා විසින් 'බලූ මගුල්' පැවැත්වුවද ඒ සඳහා ගෙවන්නට වෙන්නේ දුප්පත් මහජනතාවට ය.

"බල්ලො කෙලිති - බොට කෙළවෙති" යනුවෙන් පැරණි කියමනක් ඇත්තේ මෙවැනි 'මගුල්' ගැන පැහැදිලි කිරීමට විය යුතුය.

0 comments:

Post a Comment

 
Google Analytics Alternative