Tuesday, August 27, 2013

පොලිස් ගමේ පොලිස් ගෙදර සුනඛ කුමාරී -බඳින සුනඛ මගුල අදයි යස හැඩකාරී

පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් ප්‍රධානීන් විසින් නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) මහනුවර අස්ගිරියේ දී පෝරුවේ නංවා බලූ යුග දිවියට ඇතුළු කළහ. බලූ මනාලයන් සහ මනාලියන් බලූ මගුල් ඇඳුමින් අන්දවා තිබූ අතර කසාදය ලිඛිතව සටහන් කර කසාද සහතිකයක්ද නිකුත් කළේය. බලූ මගුල් ජෝඩු සමග පොලිස් දෙවන මනාලයන් සමග දෙවන මනාලියන් ද සමූහ පින්තූරයකටද පෙනී සිටියහ. පැමිණි අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය. බලූ මනාලියන් තිදෙනකුද මනාලයන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ. ලංකා ඊ නිව්ස් මීට පෙර ප්‍රවෘත්තියකින් හෙළි කළ පරිදි කෝටි ගණනක් වටිනා සුනඛයන් තොගයක් එතෙරින් ගෙනැවිත් තිබේ. උන්ගෙන් පැටව් බෝ කර ගැනීම සඳහා මෙසේ බලූ විවාහ උත්සවයක් පොලිසිය විසින් අද සංවිධානය කර තිබිණ. මධ්‍යම පළාතේ පොලිසිවලින් නිලධාරීන් දෙදහසක් පමණ පැමිණ සිටියහ. මෙම බලූමගුගේ නිර්මාතෘ වූයේ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී අඹන්වෙල ය.

ජිනා මැඩම්ගේ ගණිකා නිවාසයේ සිට පොලිසියට හසුවූ ලංකාවේ සංස්කෘතික ඇමැති පී. බී. ඒකනායක මෙම පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැග්ගවීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හඳුන්වන පොල් මල, පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි යයි ජිනා මැඩම්ගේ කස්ටමර් ඒකනායක ඇමැති පවසා ඇත.

කෙසේ වෙතත් මෙම බලූ මගුල් ගෙදර පෝරුවේ චාරිත්‍ර සඳහා මංගල අෂ්ඨක කීම සඳහා කිසිවෙක් නොසිටීම දැඩි අඩුපාඩුවක් යැයිද ඒ සඳහා චම්පික රණවක හෝ විමල් වීරවංශ හෝ සිටියා නම් අගනා බවද පොලිසියේ නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් වෙත කීය. ජෝඩු මධු සමය බලා පිටත්ව යද්දී පැටව් වැදීම ගැන මනා දැනීමක් ඇති බොබසේ ඥානසාර පිරිත් පැන් පොදක් ඉස්සානම් වැඩේ සියයට සියයක්ම හරි යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

0 comments:

Post a Comment

 
Google Analytics Alternative