ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ චෝදනාවක් ඇති අවස්ථාවක මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය මුණ ගැනීම මගහැර රාජ්‍ය නායකයා රටෙන් පිටත්ව ගොස් තවත් එවැනි චෝදනා රැසක් ඇති ඛෙලාරුස් වැනි රටකට යෑම ගමේ ගොඩේ චණ්ඩිකමකට දෙවැනි නැතැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
"එසේ ගොස් ඇති ඛෙලාරුස් රාජ්‍යයට එරෙහිව මානව ජනාධිපතිවරයා මේ දිනවල හොර රහසේම ඉතා හදිසි විදේශ සංචාරයක නිරත වනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ශී්‍ර ලංකාවට පැමිණීම සම්බන්ධව බරපතළ කතා බහක් ඇති වී තිඛෙන අවස්ථාවක ජනාධිපතිවරයා විදේශගත වීම පිළිබඳව විවිධ අදහස් මතු වී තිඛෙනවා. නවනීදන් පිල්ලෙයි මහත්මිය මෙරටට පැමිණියේ ශී්‍ර ලංකා රජයේ ආරාධනාවකට අනුව බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මෙසේ හදිසියේම සංචාරය කරන ඛෙලාරූස් රාජ්‍යය සෝවියට් රුසියාවෙන් කැඩී ගිය කුඩා රටක් . මෙය යුරෝපා සංගමයේ තිඛෙන අවසාන ඒකාධිපති රාජ්‍යය ලෙසත් ප්‍රසිද්ධයි. මෙහි තිඛෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවේ. ඒකාධිපති පාලනයක් . යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් 1997 දී ඛෙලරූස් රාජ්‍යය ඉවත් කොට තිඛෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එම රටේ ප්‍රශ්න, මාධ්‍ය නිදහස, දේශපාලන කරුණු සහ විවිධාකාරයෙන් වෘත්තීය කි්‍රයාමාර්ග මර්දනය කිරීම ආදිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් කළා. එපමණක් නොවේ ජගත් මානව හිමිකම් කොමිසම ඛෙලාරුස් රාජ්‍යයට එරෙහිව යෝජනා රැසක් සම්මත කර තිඛෙනවා.
ජනාධිපතිවරයා, ඛෙලරූස් වැනි ඒකාධිපති රාජ්‍යයක සංචාරය කිරීමේ අරමුණ කුමක්ද? රටේ ජාතික ආදායමට විශාල ලෙස මුදල් එවනු ලබන මැදපෙරදිග සිටින සේවක සේවිකාවන් පිළිබඳ ප්‍රශ්න රැසක් උද්ගත වී තිඛෙනවා. එවැනි රටකට ගොස් කිසියම් එකඟතාවක් ඇති කර ගැනීමට කි්‍රයා කළා නම් එහි සාධාරණත්වයක් තිඛෙනවා. එසේත් නොමැති නම් අපේ රට ආනයන, අපනයන වශයෙන් ගනුදෙනු කරන රටක් සමග සාකච්ඡාවක් පැවැත්වූයේ නම් එයද සාධාරණීකරණය කළ හැකියි. එහෙත් කෝටි ගණන් මහජන මුදල් වියදම් කොට ශී්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් දින හතරක් තිස්සේ ඛෙලරූස් රාජ්‍යයේ රඳවා තබා ගෙන සිදු කරනු ලබන රාජ්‍ය තාන්ති්‍රක ගනුදෙනුව කුමක්ද?
ඛෙලරූස් රාජ්‍යයේ ඒකාධිපති රාජ්‍ය නායකයා වන ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ බලයට පත්වුණේ 1994 දීය. ඔහු 1995 දී බලය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වූ අතර, එම ජනමත විචාරණය දූෂිත මැතිවරණයක් බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කළා. මැතිවරණ කොමසාරිස්වරයා සිදු කළ එම ප්‍රකාශය නිසා ඔහුව එම තනතුරින් පහ කිරීමට ඇලෙක්සැන්ඩර් ලූකා සෙන්කෝ නමැති ඒකාධිපති පාලකයා කි්‍රයා කළා. ඛෙලරූස් රාජ්‍යයේ පෞද්ගලික ව්‍යවසායකත්වයක් නැහැ. රාජ්‍ය පාලනය යටතේ මුළු ආර්ථික කි්‍රයාවලියම හසුරුවනවා. එරට තිඛෙන්නේ ගස් කපන කර්මාන්තයත්, රෙදි කර්මාන්තයත් පමණයි.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනමාධ්‍ය නිදහස ගැන පහත් දර්ශනයක් තිඛෙන රටකින් අපට ගැනීමට තිඛෙන ආදර්ශය සහ සහයෝගය කුමක්ද? මානව හිමිකම් පිළිබඳ චෝදනාවක් ඇති අවස්ථාවක නවනීදන් පිල්ලෙයි මහත්මිය මුණ ගැනීම මගහැර රාජ්‍ය නායකයා රටෙන් පිටත්ව යාම ගමේ ගොඩේ චණ්ඩිකමකට දෙවැනි නැහැ. පසුගිය කාලයේත් ජනාධිපතිවරයා සංචාරය කෙළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන හෝ ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් සිටින ඉරාකය, ලිබියාව, උගන්ඩාව, ස්වාසිලන්තය වැනි රටවලයි. අඩුම ගණනේ ඉන්දියාවෙන් වත් අසල්වැසි රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට නිල ආරාධනාවක් ලැබී නෑ. ගිහින් තිඛෙන්නේ පුද්ගලික වන්දනා ගමන් විතරයි." තිස්ස අත්තනායක මහතා කීය.







0 comments:
Post a Comment