Friday, August 30, 2013

වැලිවේරිය සංහාරයට පැමිණි යුද හමුදාව මෙතෙක් හෙළි නොවූ බරපතල යුද අපරාධයක් සිදුකරලා: පාසැල් සිසුවෙක් සාක්කි දෙයි

රාජපක්ෂගේ මිනීමරු හමුදාව විසින් සිදුකළ වැලිවේරිය සංහාරයේදී සිදුකරන ලද යුද අපරාධ අතර මෙතෙක් හෙළි නොවූ භයානක යුද අපරාධයක් සිදුකර ඇති බව අද හෙළි විය. එනම් මහජනතාවට පහර දීමට හමුදාව ගිලන් රියක් භාවිතාකරමින් සෙනග අතරට පැමිණි බවයි. නම හෙළි නොකළ පාසැල් සිසුවෙකු විසින් අද මෙසේ පැවසීය.

"මම වැලිවේරියට ආවේ තුනට විතර. නැතිවුණ රවිශාන් අයියා මාත් එක්ක එදා බොහෝ වෙලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණය කරපු කට්ටිය පාරේ කොට දමා තිබුණා. එතැනින් යන්න ඇම්බියුලන්ස් රියක් ආවා. එක්කෙනෙක් ඒකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ ලෙඩෙක් නෙමේ. ආර්මි එකෙන් හිටියේ. ප්‍රශ්න පටන් ගත්තට පස්සේ ආමි එකෙන් ඇල්බීසියා පොලූ කාඩාගෙන ගැහුවා. මටත් පාරක් වැදුණා. මම එතැන තිබුණා කාණුවකට බැහැලා ටිකක් වෙලා හිටියා. ඉන් පස්සේ මා ගෙදරට ගියා." යි වැලිවේරියේ නම හෙළි නොකළ පාසැල් සිසුවා සාක්කි දෙමින් අද (28) පැවසීය.

සිසුවා මෙම ප්‍රකාශය කෙළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත පෙරේරා ඉදිරියේදී වීම විශේෂත්වයකි.

මෙම සිසුවාගේ සාක්කිය අනුව යුද හමුදාව කර ඇත්තේ බරපතල යුද අපරාධයකි. ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමකි. ගිලන් රියක් හමුදා ප්‍රහාරයක් සඳහා භාවිතා කිරීම මුළු මහත් ශිෂ්ඨ සම්පන්න ලෝකයාම පිලිගත් නීතියක් උල්ලංඝනය කිරීමකි. හමුදා නීතිය අනුව ගිලන් රියක භටයන් ප්‍රවාහනය කිරීම කළ නොහැකිය. අවි රැගෙන යෑමද නොහැකිය. රෝගීන් හැරුනු කොට සිටිය හැක්කේ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය වරුන් හෝ සාත්තු සේවකයන් පමණක් වන අතර ඔවුන්ට අවි ආයුධ දැරිය නොහැකිය. එසේ සිටිය හැක්කේද දෙදෙනෙක් පමණි.

වැලිවේරිය රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් අද (28) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රතුපස්වල ජල ගැටළුව සහ ජනතාවට පිරිසිදු පානීය ජලය කඩිනමින් ලබා දීම සඳහා ගත යුතු දෑ පිළිබඳ එම රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ඡා විය.

ගම්පහ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද, ජල සම්පාදන මණ්ඩලයේ නියෝජිතයන් ද ලබන සතියේ මානව හිමිකම් කොමිසමට ගෙන්වා සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය විය.

පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමන කාලයක් පැවැති අතර එම සාකච්ඡාව අවසානයේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශද ලබා ගනු ලැබීය.

වැලිවේරිය මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා ද, වෘත්තීය සමිති නියෝජිතයෝ කිහිප දෙනෙක් ද, ගමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ ද, ගම්වාසීන් කිහිප දෙනෙක් ද මේ සාකච්ඡාවට එක්වූහ.

"වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් 'පට්ට බැල්ලි බැහැපිය' කියා කියනවා මට ඇහුණා. හමුදාව පන්න පන්නා උද්ඝෝෂණය කළ පිරිසට ගැසුවා. වෙඩි තිබ්බා. අපේ දේවස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ සිදුවීම ඇස් දෙකෙන් දැක්ක අය බය නැතුව මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්කි දෙයි. මගේ ජීවිතේ නැති වුණත් මම ඇත්ත කියනවා. මම ලොතරැයි වික්කා. මගේ ලොතරැයි කූඩුවත් පෙරලා ගිනි තබා තිබුණා. දෙවියන් විසින් මේවට නිසි දඩුවම් ලබා දෙයි." යැයි වැලිවේරියේ පදිංචි රෙජිනෝල්ඩ් මහතා අද (28) මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරියේදී පැවසීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"අද දිනයේ මානව හිමිකම් කොමිසමට සංවිධාන සිවිල් සංවිධාන කැඳවා තිබුණා. මේ සිද්ධියෙන් දරුවො දෙන්නෙක් මැරුණා. තුවාලකරුවන් අතර ළමයින් තුන් දෙනෙක් හිටියා. අධ්‍යාපනය ලබන දරුවෝ පීඩනයට පත් වුණා. ගුරුවරු සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද මානව හිමිකම් කොමිසමට අවා.

කුමන් හෝ සිදුවුණාම පරීක්ෂණ පවත්වනවා. නමුත් ඒවායේ අවසන් වාර්තාවට මොකද වෙන්නේ දන්නේ නෑ. අනිත් පරික්ෂණ වගේ මේක යට යන්න දෙන්න බැහැ. මේක බරපතල ප්‍රශ්නයක්.

අපි ද දිනයේ සාක්කිකරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළා. අපි ඉල්ලා සිටියා ප්‍රකාශ ලබා දුන් අයගේ රහස්‍ය භාවය සුරකින්න කියා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන.

අගෝස්තු පළවැනිදා මේ සිද්ධිය වුණේ. මේ වෙනකොට දින 28 ක් ගිහින්. අද වෙනකම් කවුරුත් අත්අඩංගුවට ගෙන නෑ. මේ පරීක්ෂණ ඉක්මන් වෙන්න ඕන. එහෙම වුණාම තමයි ජනතාව තුළ විශ්වාසය ඇති වෙන්නේ."

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය.

"වැලිවේරිය හා රතුපස්වල සිද්ධි ගැන සාකච්ඡා කරන්න මානව හිමිකම් කොමිෂන් සභාව සිවිල් සමිතිවල නිලධාරීන්ට ආරාධනාවක් කළා . අපි ඔවුනට අවස්ථාවක් දුන්නා ප්‍රශ්න ගැන කියන්න කියා. කිහිප දෙනෙක් අපිට අවබෝධ වෙන විදියිට ඒ ප්‍රශ්න ගැන කිව්වා. අපි ඒ අයගෙන් ඉල්ලා සිටියා අද වාචිකව කරපු ප්‍රකාශ ලිඛිතව සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියා. ඒ ප්‍රකාශ අනුව අපි තීරණයක් ගන්නවා.

අද අපට වැටහුණු විශේෂ ප්‍රශ්නය නම් ජනතාවට සුදුසු නැති ජලය පානය කරන්න වෙනවා කියන එක. ජීවිත හානියට හේතුවක් වෙන්න පුළුවන් ඒ ජලය පානය කිරීම. ඒ අය පාවිච්චි කරන වතුර පිරිසිදුද නැත්ද කියන එක දැනගන්න එක අයිතිවාසිකමක්.. ජීවිත ආරක්ෂාවට තියන අයිතිවාසිකමක්. අනික් ප්‍රශ්න නිරාකරණයට කළින් ඒ ප්‍රශ්නය නිරාකරනය කරන්න අපි තීරණයක් ගත්තා.

ලබන සතියේ මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා නිලධාරීන් හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් සාකච්ඡාවට කැදවනවා. අපි ඔවුනට අවබෝධ කර දෙනවා තමන් පාවිච්චි කරන ජලය පිරිසිදු ජලය බව දැනගැනීමට ජනතාවට අයිතියක් තියන බව. එහෙම නැත්නම් ඔවුන් කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අපි ඔවුනට කියා දෙනවා. ඉන් පසු සාකච්ඡා කර සුදුසු නියෝගයක් දෙනවා.

අපිට තේරුම් ගියා ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ජලය ගැන ලොකු ප්‍රශ්නයක් තිඛෙන බව.

වෙඩි තැබීමේ සිද්ධිය ගැනත් කතා වුණා. දේවස්ථානයේ පියතුමත් ඒ ගැන ප්‍රකාශ කළා. වෙඩි තැබීම ගැන ඇසින් දුටු සාක්කි තියනවානම්, ඔවුන් ඉදිරිපත් වෙන්න බිය නම් ඒවා ලිඛිතව එවන්න කියා අපි දැනුම් දුන්නා."

0 comments:

Post a Comment

 
Google Analytics Alternative