ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුව වූ මහජන බැංකුව කොටස් වෙළෙඳ පොලේ වෙන්දේසි කරනවා යැයි කියා රාජපක්ෂලා විසින් එය මංකොල්ල කෑමට තැත් කරද්දී බැංකුවේ මුදල් දමා සිටි මොළයක් තිබූ විශාල පිරිසක් වහ වහා තම තැන්පතු ඉවත් කර ගැනීමට තැත් කරන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
කොළඹ හෙවත් ගෙන්දගම් පොළොවේ වෙසෙන බොහෝ දෙනා මේ වන විටත් තම තැන්පතු ඉවත් කරගෙන මුදල් ආරක්ෂාකාරී තැන්වල ආයෝජනය කර ඇති අතර දැන් කොළඹ අවට සිටින තැන්පත් කරුවන්ද තම මුදල් සොච්චම හෝ ඈලියාවට යනවාට වඩා තමන් ලඟ තබා ගැනීම වඩාත් හොඳ යැයි සිතා තම මුදල් ඉවත් කරගනිමින් සිටී. මේ හේතුව නිසා කොළඹ තදාසන්නයේ තිඛෙන මහජන බැංකු වලින් මුදල් ගැනීම මහත් අසීරු තාවයකට පත්ව ඇත.
මහජන බැංකුවේ සේවකයන් ද මේ තත්ත්වය මත අපහසුතාවයට මුහුණ දී තිබියදී බැංකුවේ බලධාරීන් මේ ගැන සොයා බලා නැත. ප්‍රදේශීය ශාඛාවක ගණුදෙනු කරුවන්ට දීමට මුදල් නැති වන විට ඉහළින් මුදල් ඉල්ලා සිටියද ඉහල තක්කඩියන්ටත් ඒ සඳහා මුදල් ගෙවීමට හැකියාවක් නොමැති වීමෙන් ගණුදෙනු කරුවන් නිතිපතා රස්තියාදු වෙමින් සිටී.
ග්‍රාමීය මට්ටමේ ගනුදෙනු කරුවන් හට මහජන බැංකුව බංකොලොත් වීමට යන පනිවුඩය තවමත් ගොස් නැති බැවින් ඔවුන්ගේ මුදල් ඉතාමත් අනතුරකට පත්වී ඇති බව තවමත් ඔවුන්ට තේරුම් ගොස් නැත.







0 comments:
Post a Comment