අලූතින් ඉදිකරන ලද කොළඹ චීන්නුන්ගේ වරාය විසින් ලංකාවේ ආණ්ඩුවට අයත් නියමු මෙහෙයුම හෙවත් 'පයිලට් ස්ටේෂන්' එක තම නව වරායේ පවත්වාගෙන යන්නේ නම් ඒ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 35 ක් ගෙවිය යුතු යැයි නව කොන්දේසියක් පැනවීම නිසා කොළඹ වරාය විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.
නැවක 'පයිලට් මෙහෙයුම' ලෝක නාවුක ගමනාගමනයේ පැරණිතම වෘත්තීය සේවයයි. එය ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස දක්වා දිවෙන්නකි. එනම් නැවක් යාත්‍රා කිරීමේදී මතුවන අනතුරු දායක, වගකීම් වැඩිම අවස්ථාවක එම නැව දිශාව වේගය සලකුණු ආදිය ගැන සැලකිලිමත්ව ආරක්ෂිතව යාත්‍රා කරවීම පයිලට් වරයා විසින් කළ යුතු කාරියකි. ඔහු නැවේ කැප්ටන් නොවේ. ඊටත් වඩා බැරෑරුම් වගකීමක් දරන්නෙකි. වර්තමාන භාණ්ඩ රැගත් යාත්‍රාවන්හි නාවුක ගමනාගමනයේදී පාරිසරික සහ ආර්ථීක අවදානම අවම කිරීමට අවශ්‍ය අවස්ථාවලදී වගකීම බාර ගැනීම පයිලට් වරුන් සතු වගකීමකි. නැවක් වරායකට ඇතුළු කරද්දී සහ පිටත් කරද්දී එම නැව මෙහෙයවීම බාර ගන්නේ වරාය අයත් රටේ පයිලට් වරයෙකි. එය එම වරාය අයත් රට විසින් ඉටු කරන්නේ ඒ සඳහා විශාල ආදායමක් ලැඛෙන බැවිනි. උදාහරණයක් ලෙස පැනමා ඇල, සූවස් ඇල, ආදිය අයත් රටවල් නැවක් එම ඇල මාර්ගය තුල ධාවනය කරද්දී සියළු නෞකාවන්හි පයිලට් මෙහෙයුම සිදුකරති. සෑම නාවුක ඒජන්සියක්ම එම සේවය වෙනුවෙන් එම රටට ගෙවීමක් කළ යුතුය.
ඒ ලෙසම ශ්‍රී ලංකාවේ වරායකට එන නැව් ගෙන ඒමේ සහ යළි පිටත් කරවීමේ මෙහෙයුම සිදුකරන්නේ ලංකාවේ පයිලට් ලා විසිනි. කොළඹ වරායේ එම මෙහෙයුම සිදුකරන 'පයිලට් ස්ටේෂන්' එක චීනුන් නව වරාය හැදීමෙන් පසු එහි ස්ථාපනය කෙළේය. මන්ද යත් දිය කඩනය ලංකාව සතු වන නිසාය. එම නව දියකඩනය යටතේ දැනට අලූතින් ගොඩ නගා ඇත්තේ එක් වරායක් පමණක් නමුදු තව දෙකක් ඉදිකිරීමට තිබේ.
නව ස්ථානයට කොළඹ වරායේ පයිලට් ස්ටේෂන් එක ගෙන යද්දී අලූතින් ගෙන්වා සවිකරන ලද සියළු යන්ත්‍ර සූත්‍රද පරිඝනය පද්ධතිද එම ස්ථානයට ගෙන ගියේය.
ගිවිසුම් ප්‍රකාරව දියකඩනය ලංකාවේ බැවින් පයිලට් මෙහෙයුම ලංකාව සතු විය යුතුය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී දියකඩනයක් සකසා වරාය 3 ක් ගොඩ නැගීමෙන් පසු පයිලට් මෙහෙයුමෙන් පමණක් වසරකට රුපියල් බිලියන 40 ක ඍජු ආදායමක් ශ්‍රී ලංකාව බලාපොරොත්තු විය.
මැදමූලන පර්සි මහේන්ද්‍ර නමැති දේශද්‍රෝහියා සහ ඔහුගේ වරාය සභාපති බොරු ආචාර්ය පක්කලි ප්‍රියත් බන්දු වික්‍රම නම් තක්කඩියා විසින් රට චීන්නුන්ට විකුණා ඇති තරම කොතෙක්ද යත් ඉහත කී ලෙස නව වරාය වලින් ලංකාවට ඇති එකම ආදායම වන 'පයිලට් මෙහෙයුමද' චීනුන් අයිතිකර ගෙන තිබේ.
මසකට ලක්ෂ 35 ක් චීනුන්ට ගෙවීමට නොහැකි නිසා නව ස්ථානයට ගෙන ගිය ලංකා වරායේ 'පයිලට් ස්ටේෂන්' එක මේ වන විට ගලවා යළි පැරණි ස්ථානයේම සවිකරමින් තිබේ. නව ස්ථානයේ චීනුන් විසින් චීන පයිලට් ස්ටේෂන් එකක් ගොඩ නංවනු ඇත. ඉදිරියේ ගොඩ නැගීමට නියමිත වරාය දෙකටද මේ සන්තෑසියම සිදුවනු ඇත. ඒවායේ පයිලට් සේවා ගාස්තු ද ඔවුන් ලබා ගනු ඇත. ඊට ඉඩ දුන් රාජපක්ෂලාට ඒ වෙනුවෙන් ලොකු කුට්ටියක් යනවා නිසැකය. ලංකාවේ පැරණි වරායට මෙතෙක් ආ නැව් ටික පමණක් පයිලට් කරගෙන හිඳීමට ලංකාවේ වරායට සිදුවනවා ඇත.
වංචාකාරී මේ මහා දූෂනය ගැන වගකිව යුතු අය අවදි විය යුතුය. පයිලට් මෙහෙයුම චීනුන්ට දුන්නා යනු මුළු වරායම චීනාට දුන්නා හා සමානය. සැබෑ දේශප්‍රේමීන් අවදි විය යුතුය. දියකඩනය ශ්‍රී ලංකාවට අයත් නම් පයිලට් මෙහෙයුම ද ශ්‍රී ලංකාවට අයත් විය යුතුය.







0 comments:
Post a Comment