දීර්ඝ කාලයක් තිස්සේ තම බිරිඳ අස්වාභාවික ලිංගික හිංසනයන්ට ලක්කළ මරාණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව එම බිරිඳ සහ බිරිඳගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිලි මත මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 24 වෙනිදා බිරිඳගේ මව වැලිකඩ පොලිසියට පැමිණිලි කළද මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ නිසා බිරිඳ විසින් අද (27) යළිත් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කෙළේය.
අස්වාභාවික ලිංගික හිංසනයට අමතරව මෙම මන්ත්‍රීවරයා විසින් තම බිරිඳට නිරන්තරයෙන් පහර දෙන බවටද පැමිණිලි කර තිබේ. බිරිඳ පැමිණිලි කිරීමට පැමිණෙන විටදී ද මන්ත්‍රීවරයා විසින් බිරිඳ කපා තුවාල කර තිබිණ. මොහුට එරෙහිව මීට පෙර ද වැලිකඩ පොලිසියට වෙනත් චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනද නීතිය ක්‍රියාත්මක කර නැත. තමාට සිදුවන අතවර ගැන බිරිඳ විසින් කෝට්ටේ මරාණ්ඩුවේ නගරාධිපතිවරයාටද, උප නගරාධිපතිවරයාටද, මීට පෙර පැමිණිලි කර තිබුනද ම්ලේච්ඡ මරාවාදීන් වන ඔවුන් ද ඇහැ කන පියා නිහ~ව සිට ඇත.
කෙසේ වෙතත් අද සවස මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගත් අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මොහුට දාව බිරිඳට දරුවන් තිදෙනෙක් ද සිටිති.
මෙම ම්ලේච්ඡ මන්තී්‍ර වරයා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභාවේ මරාණ්ඩුවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන ධනුක විශ්වජිත් නමැත්තාය. වයස අවුරුදු 33 කි.







0 comments:
Post a Comment