Friday, August 30, 2013

ඡන්ද රැළියේ රතිඤ්ඤා බස් රථයක පිපිරීම ගැන පරීක්ෂණ.




නාවලපිටිය නගරයේ පැවති ඡන්ද ප‍්‍රචාරක රැලියකදී පත්තු කළ රතිඤ්ඤාවලින් කිහිපයක් බස් රථයක් තුළට වැටී පිපිරීයාමෙන් කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයන් පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ. ඊයේ පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ඡන්ද ප‍්‍රචාරක රැළියකදී ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පත්තු කළ රතිඤ්ඤා කිහිපයකුයි මෙලෙස බස් රථයක් තුළට වැටී ඇත්තේ. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මේ වනවිට මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

0 comments:

Post a Comment

 
Google Analytics Alternative